චිම්පන්සියන් දිනකට මත්පැන් වීදුරු දෙකක් පානය කරන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
ඉඳුණු පළතුරු වලට ඇති ප්‍රිය නිසා චිම්පන්සියන් දිනකට මිනිසුන් විසින් පානය කරන මධ්‍යසාර පානයන් දෙකකට සමාන ප්‍රමාණයක් පරිභෝජනය කරන බව පර්යේෂකයෝ පවසති.
මෙම චිම්පන්සියන් තම ශරීරය බලෙන් 10%කට පමණ ප්‍රමාණයක් ඉඳුණු පළතුරු අනුභව කරන අතර මෙම පළතුරු ස්වභාවිකව පැසීමට භාජනය වන නිසා එම පළතුරු වල අඩංගු මධ්‍යසාර ප්‍රමාණය මිනිස් කොක්ටේල් දෙකකට සමාන ප්‍රමාණයක් ගන්නා හෙළි වී තිබේ.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් උගන්ඩාවේ සහ අයිවරිකෝස්ට් ස්ථාන දෙකකදී චිම්පන්සියන් විසින් නිතිපතා පරිභෝජනය කරන පැසුණු ඉඳුණු පළතුරුවල අඩංගු මධ්‍යසාර ප්‍රමාණය මැන බැලී ය.
එම පර්යේෂණය මගින් හෙළිවූයේ චිම්පන්සියයන් ආහාරයට ගන්නා පළතුරු වලින් එතනෝල් ග්‍රෑම් 14 ක් පමණ ශරීරය ගත කළ හැකි බවයි.
චිම්පන්සියෙන් ඔවුන්ගේ ආහාර වේලෙන් 70%කට වඩා නියෝජනය කරන්නේ ඉදුණු පළතුරු පරිභෝජනය කිරීමටයි.
කෙසේ වෙතත් ඔවුන් මෙම පරිභෝජනය කරන පළතුරු අඩංගු මධ්‍යසාර ප්‍රමාණයන් නිසා මිනිසුන් මධ්‍යසාර ගන්නවා මෙන් මත්වීමේ සලකුණු පෙන්වන්නෙ නැති බවද පර්යේෂකයන් පෙන්වා දී තිබේ.